බුද්ධිමත් කිතුනුවන්
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ලොව පුරා පැසැල් අත්හිටුවන ලදී. පන්ති පවත්වා ගෙන යාමට චීනයේ ගුරුවරුන් ප්‍රතිචාර දැක්වුයේ ඩිංග්ටෝක් නම් ඇප් එකක් මගින් පන්ති මාර්ගගතව පවත්වමිනි. එවිට ඔවුන්ගේ සිසුන් තේරුම් ගත්තේ ඩිංග්ටෝක් හි ශ්‍රේණිගත කිරීම ඉතා අඩු වුවහොත් එම යෙදුම වෙළඳ සැළෙන් ඉවත් කළ හැකි බවයි. එක් රැයකින් ඩිංග්ටෝක් යෙදුමට එක් තරුවකින් යුත් සමාලෝචන දහස් ගණනක් ලැබුණ හෙයින් ඩිංග්ටෝක් ඩිජිටල් යෙදුමට…
ඔබේ නම කුමක්ද?
නම් තුනකින් අප ජීවිතය ගත කරන බව කෙනෙක් කියා සිටියේය. අපේ දෙමාපියන් අපට දුන් නම, අන් අය අපට දෙන නම (අපගේ ප්‍රසිද්ධිය අනුව) සහ අපි අපට දෙන නම (අපගේ චරිතය අනුව) යනාදියයි. අන් අය අපට දෙන නම වැදගත් වන්නේ “බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන් රිදී වලට වඩා කරුණාවද අගනේය” (හිතෝපදේශ 22:1) යනුවෙන් සඳහන් වන හෙයිනි. නමුත් ප්‍රසිද්ධියද වැදගත් වන…
යේසුස්වහන්සේ තුළ බිඳිය නොහැකි
යුද්ධයේදී ලුයී සැම්පෙරිනිගේ හමුදා යානය මුහුදට කඩා වැටී යානයේ සිටි එකොළොස් දෙනෙකුගෙන් අට දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වූහ. ලුයි සහ තවත් දෙදෙනෙක් ජීවිතාරක්‍ෂක යාත්‍රාවලට නැග සිටියහ. ඔව්හු මෝරුන්ගෙන් බේරෙමින් කුණාටු තුළින් ගමන් කරමින් සතුරු ගුවන් යානාවල වෙඩි උණ්ඩ මග හරිමින් සහ අමු මාළු සහ කුරුල්ලන් අල්ලා ආහාරයට ගනිමින් මාස දෙකක් මුහුදේ පාවුණි. අවසානයේදී ඔවුන් දුපතකට ගසා ගෙන ගිය අතර වහාම සිර භාරයට…
ඔබේ සතුරාට ප්‍රේම කිරීම
ඇය මාව දකින්න කලින් මම කාමරයකට රිංගා ගත්තෙමි. සැඟවී සිටීම ගැන මම ලැජ්ජා වූයෙමි. නමුත් ඇය සමග ඒ මොහොතේවත් කවදාක්වත් කටයුතු කිරීමට මම කැමති නොවූයෙමි. මගේ කැමැත්ත වූයේ ඇයට තදින් කථා කර ඇයව ඇගේ තැනේ තබා ගැනීමයි. ඇගේ අතීත හැසිරීම නිසා මා කෝපයට පත් වුවද මම ඇයව ඊටත් වඩා කුපිත කර ඇත්තෙමි.
යුදෙව්වන් සහ සමාරියයන්ද අන්‍යොන්‍ය වශයෙන් කෝපයට පත් වන…
ඔබේ සහාය අවශ්‍ය වන්නේ කාටද?
තමා විසින් සිදු නොකළ මිනීමැරුමක් නිසා ක්ලිෆර්ඩ් විලියම්ස්ට මරණ දඬුවම නියම විය. මරණීය දණ්ඩනය නියම වූ දින සිට තමාට එරෙහි සාක්‍ෂි නැවත සළකා බලන ලෙසට ඔහු කළ යෝජනා නිෂ්ඵල විය. සෑම පෙත්සමක්ම ප්‍රතික්‍ෂේප කරන ලදී. එවිට නීතිඥ ෂෙලි තිබෝඩෝ ඔහුගේ නඩුව ගැන දැන ගත්තේය. විලියම්ස් වරදකරු කිරීමට කිසිදු සාක්‍ෂියක් නොමැති බව පමණක් නොව තවත් මිනිසෙක් අපරාධය ගැන පාපෝච්චාරණය කර ඇති…
යේසුස්වහන්සේ නැවත අපව පිහිටුවන සේක
සෑම් කිසි වරදක් කර නොතිබුණද එකළස් පේළියේදී ඔහුට ඔහුගේ රැකියාව අහිමි විය. වෙනත් අංශයක නොසැළකිලිමත් කම නිසා ඔවුන් සාදන ලද මෝටර් රථවල ගැටලු මතු වුනි. අනතුරු කිහිපයක් ප්‍රවෘත්ති වලට මාතෘකා වූ බැවින් අවධානයෙන් සිටි ගැණුම්කරුවන් එම රථ වර්ගය මිළට ගැනීම නැවැත්වූහ. සමාගම සේවක මණ්ඩලය අඩු කිරීම නිසා කිසිදු වැරෑද්දක් නොකළ සෑම්ටත් රැකියාව අහිමි වුනි. එය අසාධාරණයකි.
පළමු පාපයත් සමගම ඉතිහාසයේ…
ඔබ කව්ද?
අපගේ වීඩියෝ සම්මන්ත්‍රණයේ නායකයා “සුබ උදෑසනක්” යැයි පැවසීය. මම “හෙලෝ” කියා ආපසු කීවෙමි. නමුත් මම ඔහු දෙස බලා නොසිටියෙමි. තිරය මත දිස්වුනු මගේම රූපයෙන් මගේ අවධානය බිඳුණි. “මම මේ වගේද?” ඇමතුමේ සිටි අනෙක් අයගේ සිනහ මුසු මුහුණු දෙස මම බැලුවෙමි. එය ඔවුන් මෙන් පෙනේ. එසේය. එම නිසා මේ මම විය හැකිය. මම ටිකක් බර අඩු කර ගත යුතුයි. හිස කෙස්…
මරණ කලාපය
2019 දී කඳු නගින්නෙකු එවරස්ට් කන්ද මුදුනේ සිට ඔහුගේ අවසන් හිරු උදාව දුටුවේය. ඔහු භයානක නැගීමෙන් දිවි ගළවා ගත් නමුත් උච්චස්ථානය ඔහුගේ හදවත තද කළ නිසා නැවත පහළට එන ගමනේදී ඔහු මිය ගියේය. එක් වෛද්‍ය විශේෂඥයෙක් කියා සිටියේ කඳු මුදුන ඔවුන්ගේ ගමනේ අවසානය ලෙස නොසිතන ලෙසයි. “ඔවුන් මරණ කලාපයේ” සිටින බව මතක තබා ගෙන නැවතත් පහළට බැසිය යුතු බව වෛද්‍යවරයා…
මධ්‍යස්ථභාවයට මාරුවන්න
රථ සේදීමේ අංගනයෙන් මට ඉස්සරහින් සිටි තැනැත්තා මෙහෙයුමක සිටියේය. අධි බලැති කැරකැවෙන බුරුසු වලට පැටලී අලාභයක් නොකරන පිණිස ඔහු හිතාමතාම ඔහුගේ පිකප් රථයේ පිටුපස තිබු ගැටයක් ඉවත් කළේය. ඔහු සේවකයාට මුදල ගෙවා තම රථය ස්වයංක්‍රීය ධාවන පථයට පදවා ගෙන ගියේය. සේවකයා ඔහු පසුපස දිව යමින් “නියුට්‍රල්, නියුට්‍රල්” කියා කෑ ගැසුවේය. නමුත් ඒ මනුෂ්‍යයාගේ රථයේ කවුළු වසා දමා තිබුණු හෙයින් සේවකයාගේ…
කවුළු
හිමාලය කඳු පාමුළ අසල කවුළු නොමැති නිවාස පේළියක් එක් නරඹන්නෙක් දුටුවේය. ඔහුගේ මග පෙන්වන්නා පැහැදිළි කළේ නිදා සිටියදී යක්‍ෂයින් තම නිවසට රිංගා ගනීයයි බියවූ ගම් වැසියන් කවුළු නොමැති බිත්ති ඉදි කළ බවයි. ගෘහ හිමියෙකු යේසුස්වහන්සේ අනුගමනය කරන්න පටන් ගත්තේ කවදාදැයි ඔබට කිව හැකි වන්නේ ආලෝකය නිවසට ඇතුල්වීම පිණිස ඔහු කවුළුවක් ඉදි කිරීමේ හේතුවෙනි.
ඒ හා සමාන දෙයක් අප තුළ සිදුවිය…